kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tharaka mahesh – diyunu nee manussayo كلمات اغاني

Loading...

මුලක් මතක නැති
අග අමතක නැති
ජීවිත හරිහැටි කිසි තේරුමක් නැති
තේරුමක් ඇති තේරුම් කර ගන්න ප්‍රිය නැති

අමුතුම ලෝකෙක ජීවත් වෙන්නෙ අපි
ආගම දහමට ළැදි නැති තරුණයෝ
මිත්‍යාව අදහන සමහර බක්තිකයෝ
වැඩිහිටි වචනෙට ගරු නැති නරුමයෝ

දියුණු වෙන ලෝකෙ දියුණු නෑ මනුස්සයෝ
තාක්ෂණයෙන් උඩටම යන්න හදන අපි
දැනගන්න ඕනේ සීමාවන් ඇති
නරක දේ නම් කරනවා හරි හැටි
කරන්න එපා දේවල් බං හරි නැති

ඕවනව වඩා කිසි දෙයක් ඕන නෑ
මනුදම් නැති ලොව මට ඕනෙ නෑ
මව පියා නැත්නම් අද උබ නෑ
එහෙම හිතුවොත් මහලු මඩම් ඕනෙ වෙන්නෙ නෑ

කෙලින් පිට ඉන්නත් එළිමහන් සෙල්ලම්
කාගෙ කාගෙ සෙල්ලම් යනවා මෙල්ලම්
වැඩකලේ නෑ බං අපි වාසි අල්ලන්
පාසි පෑගුනත් වැටුන්නෑ පල්ලම්
වැටි වැටි නගිනවා මම උස කන්දක්
මගෙ රැප් වළදෙන් බෙදා ගනින් හැන්දක්
කරමතින් නෙමෙ ආවෙ තියෙනවා කොන්දක්
හොඳ පේන්නෙ නෑ මිනිසුන්ගෙ ඇහෙ රොඩ්ඩක්

පොඩ්ඩක් හිතපන් මනුදම් කෝ
තරම දැනන් උබ රගපන් ඩෝ
ගෙවෙනා ජීවිත වෙන්නෑ ස්ලෝ
දවසක පොඩ්ඩුත් වෙනවා ප්‍රෝ

ඒ ඒ බලපන් ඩෝ
දවසක උඩටම එනවා ඩෝ
උබ හින්දා මාත් එක්ක හිටි උන් කෝ
උන්ට පණ උනත් දෙනවා ඩෝ

කෝ ඉරිදට දැන් දහම් පාසලක්
ටියුෂන් සිසුවට නෑ විරාමයක්
කුණුහරප ගලනවා වගෙ කරාමයක්
දැන්නම් රට පැසවපු තුවාලයක්

කොල්ලො ගොඩක් අද වැලිකඩ
උන්ගෙ සිතුවිල්ල වැරදිද
මව්ගේ නැළවිල්ල මදිවද
ඔය පොෂ් කෙල්ලොන්ගෙ කෝ පතිවත

හැදියාවක් නෑ සමාජෙ ඉදිරියෙ
ඉන්නට බෑ අද හිටියත් පාඩුවෙ
ගොඩක් උන් ආලය හෙව්වේ කාමරේ
අවජාතකයි දරුවා දැමුවා කාණුවේ
ඒ ජීවිතේ හදාගන්නවා
වචනයක් කියලා දුන්නෙ බං
එකා එකා පස්සෙන් නොයා
තනියෙන් තමං නැගිටපාන්

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...