smokio - awasana washayen كلمات أغنية
[verse 1]
යාලු මේවා බිව්වම ලෝකේ මාර අමුතු තැනක්
ඒ වචනත් එක්ක පපුවට වැදුනා අකුණු සැරක්
දෙපාරක් හිතුවේ නෑ යන්නත් කලින් අසුරු සැනක්
එක පාරයි බිව්වේ ඇස්වල බැදුනා මකුළු දැලක්
ඒ කඩතුරා කඩාගන්න බැරුව
තුරුල් කරගත්තා මරණේ අතාරින්න බැරුව
ගැලුව ලේ නහර වල විසකට හැරුන
මිනිස්සු නෙමෙ පිල්ලියි ඉන්නේ භාගෙට මැරුව
ජිවිතේ දිහා බලන්නෙ වහගෙන ඇස්
අතරමං වෙලා ලෝකෙක හතරැස්
මතට ලැදි වෙද්දි තරුණ හදගැස්ම
පටන් ගත්තා රටක පසු බැස්ම
ගිදා බැහැලා ඇට මිදුලු කරා
උනුත් මැරෙමින් අනිත් එවුනවත් නොමර මරා
හීන ඔක්කොම සුනු විසුනු කලා
ප්රශ්නාර්තයක් විතරක් ඉතුරු කලා
[chorus]
දැක දැකත් ඇස් පනාපිට
නොපිලිගෙන මුව අයාගෙන
කිමද කරනුයෙ බලා හිද
ඇත්ත තිර රෙද්දකින් වසාගෙන
ඇත්ත තිර රෙද්දකින් වසාගෙන
ඇත්ත තිර රෙද්දකින් වසාගෙන
ඇත්ත තිර රෙද්දකින් වසාගෙන
ඇත්ත තිර රෙද්දකින් වසාගෙන
[verse 2]
වසාගෙන කිලුටු
වෙසක් කරන් මිතුරු
නොදැනිමයි ජීවිතේම කලෙ සිදුරු
විදාගත නොහී පියාපත් හැකිලුනු
අලුයට හඩයි සියතුන් ගිනි ඇවිලුනු
සරණ්නට බැරුව ආත්මයක් නැතිව
මිත්යාව සත්යක් සේ දැක ඊට ගැතිව
අශ්ලීල අසම්මතයට ලැදිව
ගලවාගත නොහැකි ලෙස බැදි ඇත්ත දැඩිව
සැපයැයි සිතා කකුළුවත් දිය සැලිය
ජීවිතේ උඩින් තියලා රත් කරනවා යටින් තැටිය
කොච්චර කිව්වත් තේරෙන් නැති උන්ගේ ඔලුවෙ මැටිය
කොහොමත් කනකට ගන්නෙ නැති එක අපෙ උන්ගේ හැටිය
රසෙ ලොල්ව මත හා යෙදි රමණයෙන්
රටෙ කොල්ලො කාලෙ වෙලි මරණයෙන්
පෙර පින ඇත්තො බේරෙත්වා දශමයෙන්
ඕවා ඇති උබත් නවත්තපන් අවසාන වශයෙන්
දැක දැකත් ඇස් පනාපිට
[verse 3]
තමන් කවුද තමන්ටවත් තේරුමක් නැතුව
ලැබුනා යැයි සිතන් සියලු දේ පැතුව
මුලාව නම් වලාවෙන් දොරටු වැසුව
ජීවිතේ විදි මාර දූ වරුන් කැටුව
උත්තර දැක දැකත් විසදන්න ප්රශ්න
පස්දා ගනිමින් තම වලට තමන්ම
ඇස් දෙක තිබිලත් ඇත්ත දිහා බලන්න
හිස් ඔලු වලට ඇයි බැරි තේරුම් ගන්න
තිරිසන් මනස නොහදුනයි ආදරය
පවුලටයි උරුම කදුළු සාගරය
සුර විමනක් සේ දකිමින් කාමරය
කරගනි තමන්ම තමාම ඝාතනය
ලෙසි පහසු නැ අසීරුයි සෙවීම කළුනික
මමත් හිටියා ඔතන පිලිගන් නැ රළුහිත
දුවිල්ල මතින් දූවිල්ල නොවන දේ තරුනිත
හදපන් අලුත් මිනිහෙක්ව ගසලා දාලා අලුටික
[chorus]
දැක දැකත් ඇස් පනාපිට
නොපිලිගෙන මුව අයාගෙන
කිමද කරනුයෙ බලා හිද
ඇත්ත තිර රෙද්දකින් වසාගෙන
ඇත්ත තිර රෙද්දකින් වසාගෙන
ඇත්ත තිර රෙද්දකින් වසාගෙන
ඇත්ත තිර රෙද්දකින් වසාගෙන
ඇත්ත තිර රෙද්දකින් වසාගෙන
كلمات أغنية عشوائية
- davy fresh - growing up hip-hop كلمات أغنية
- maes - yeezy كلمات أغنية
- jimi hendrix - ezy ryder - live at berkeley community theatre كلمات أغنية
- twxn, llclawz & 507kaz - needit كلمات أغنية
- elliot james reay - i think they call this love كلمات أغنية
- paolo - artificial كلمات أغنية
- vojko v - swaguša (live u domu sportova) كلمات أغنية
- zé barth - loirinha como eu te amo كلمات أغنية
- elijah (singer) - mayday كلمات أغنية
- coconut wolf - s.o.s. feat krizz kaliko كلمات أغنية