
sliver 2.0 - iamthesrilochopper كلمات أغنية
[verse 01]
yow yow අඩෝ මචං මගේ පෙළපත පාරිශුද්ධ කරාවේ වාසගම වුනේ වංසත්කාර
කොල _ පොතයි පෑනයි මගේ අතේ තිබ්බට මනසට දත්තය වුනේ ඇල්ගොරිතමික වූ ජාන
මාන _ කරගෙන උපරිම අවධානේ වාදනේට කන
උපකල්පන
අඹරණකර තෙරපණයෙන් මං කරනවා දැන් ඝාතන
දාම දාම
මගේ මනෝභාවේ තුල කැරකෙන තව උපමා රූපක (උපමා රූපක)
උකතකතාවෙන් පෙලෙනවා කුතුහලයෙන් තදබල කුකුසක (තදබල කුකුසක)
භාශාවේ අශාවේ නසන මගේ සිංහල ශබ්දකෝශේ
එළිවැට එළිසම පද පිටවෙන්නේ මගේ මුඛයෙන් ආලෝකේ වේගෙන්
දැනුම හා චලනේ භාවිතාකරණෙන් පෙන්නන්නද මං මේ ක්‍රීඩාවේ ආන්දෝලනේ
මනා ශික්ශණභාවයෙන් හා දිරි දක්ශතාවයෙන්ශතාවයෙන් නිරූපකය වෙන්නම් මං මේ සංස්කරණේ
වාණිජකරණේ රටාවට හුරුවුනු ගෝලාකාර වුනු භෞතික ලෝකේ
සාමකාමීභවෙන් එකමුතුකමෙන් ආදරේ විනෝද වෙන පාරාදීසේ මෙහෙයුම මගේ බාරේ
[chorus]
සිංහල රැප් යුධ පිටියට මං වචනය අවිය කරගත් සොල්දාදුවෙක්
සිංහල රැප් යුධ පිටියට මං වචනය අවිය කරගත් සොල්දාදුවෙක්
සිංහල රැප් යුධ පිටියට මං වචනය අවිය කරගත් සොල්දාදුවෙක්
සිංහල රැප් යුධ පිටියට මං වචනය අවිය කරගත් සොල්දාදුවෙක්
[bridge]
හ්හ්හ්හ්හ්…..
මං මේ කොහේද ඉන්නේ ?
හ්හ්හ්හාහාහා උබ ඉන්නේ අපායේ
උබල කවුද ? ඇයි උබල මට මෙහෙම කරන්නේ ?
කෝ උබ “ගිනිපෙට්ටිය” ගෙනාවද ?
මොන ගිනිපෙට්ටියක්ද
ඇයි උබල මාව මේ මිනීපෙට්ටියක් ඇතුලට දාලා, මට යන්න දීපන් !
ආ දැන් මේක බීපන්
එපා…
මේක බීපන්…
එපා එපා…
මේක බීපන් මේක බීපන්…
එපා එපා එපා………..
[verse 02]
මනෝව්‍යාදික වුනු සිතුවිලි මනසට මැසිවිලි කරවන අදුරු සොදුරු ගොම්මන් වූ කෙම්මුර අමාවකේ
අධිමානුශිකතාවයෙන් අන්තර්පරපෝශීදාමේ අවසාන පරිච්ඡේදවාදේ ලියවෙන්නේ මගේ සලකුණෙන් (srilochopper)
lyricකලිකව දාම ඝාතනයක් කරනවා තත්පර මත ඝට්ටනේ වන syllableලික ත්වරණෙන්
අවංකව උච්චාරණයෙන් කරනවා මං තූකරණේ මගේ කටහඩ ගෝචර වන පිරිසට අවකලනෙන්
(yeah…)
නිරතුරුවම මෙහෙයුම වෙත අවධානය
යොමු කරගෙන කරනවා මං පුහුණුව මත අභ්‍යාසය
තාක්ශණවාදය පදනම කරගත් මගේ අවඝාතයේ
සාර්ථකතාවය ගණනය වෙන්නේ පස්වෙන ප්‍රාණගාතයෙන්
අලුයට ගිනි ඇවිලෙන කල වෘකයෝ ත්‍රස්තීකයි
වගේ අද සිට භූගත ධාරවට මං සශ්‍රීකයි
ස්වසනය කරනට පෙනහැල්ලේ වාතය නිශ්ක්‍රීයයි
නමුත් ඕන කාලගුණ තත්වෙක මගේ තුවක්කුව සක්‍රීයයි
සංසාරගත අරගලයක මම
බන්ධනේ වෙලා ප්‍රස්තාරගත වුනු ජීවිතේ ගැන
අඹරණකර චොපකරණයෙන් අන්තර්ගත සැත්කර්මයෙන් මිනිසාගේ මොලේ මස්තිෂ්කය කර සංවර්ධන
සමතුලනය විකෘතික මාරාන්තික වුනු මගේ මන
තුල පැතිරෙන ප්‍රකෘතික පරාසික විචල්‍යන
නියතන අනුකරණයකට ලක්කර සමතුලනකට පත්කරනට ලබාදෙනු මට කැප්සියුල තුන තුන තුන
(born 2 chop)
كلمات أغنية عشوائية
- franco de vita - al norte del sur كلمات أغنية
- baccara - carino كلمات أغنية
- baccara - cara mia كلمات أغنية
- baccara - can't help falling in love كلمات أغنية
- franco de vita - no hay cielo كلمات أغنية
- franco de vita - louis كلمات أغنية
- baccara - ay ay sailor كلمات أغنية
- killing joke - extremities كلمات أغنية
- baccara - adelita كلمات أغنية
- killing joke - dominator كلمات أغنية