kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sithara madushani - pun purahanda amma كلمات أغنية

Loading...

නින්දත් නිදි නොවෙනා
කන්දක් දේ හිතනා
ඒ කඳු හිස මල් පිපෙනා හැටි දැක
තනියම හිනා වුනා

මහ හෙවනක් සදනා
රුක් ගොමුවක් ලෙසිනා
ඒ හෙවනේ ගුණවත් සිහිළේ හිදුවා
මතකයි පෑව දයා
සදා මල් පිපෙන වන අරණයි අම්මා
ඉරටත් තුන්කල් එළිය දුන්නු
සඳටත් මව් වත්කම් දන් දුන්නු
ජීවිතයේ අහස පුරා
ආදර රැස් මවන
පුන් පුරහඳ අම්මා

සියපත් පෙති මුවිනා
හිස සිප සන සමිනා
මෘදු උකුළම සෙනෙහස් ඔරුවක් කරවා
මා පැදවුවා හොවා

රන් මිණි මුතු මවලා
මහ සයුරක් වෙමිනා
ඒ නිධාන ආදරයෙන් දවටාලා දායාදයන් කළා
සදා දිය ගලන සිලිලාරයි අම්මා

ඉරටත් තුන්කල් එළිය දුන්නු
සඳටත් මව් වත්කම් දන් දුන්නු
ජීවිතයේ අහස පුරා
ආදර රැස් මවන
පුන් පුරහඳ අම්මා//

ඉරටත් තුන්කල් එළිය දුන්නු
සඳටත් මව් වත්කම් දන් දුන්නු
ජීවිතයේ අහස පුරා
සදා බැස නොයන
පුන් පුරහඳ අම්මා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...