
sajitha anthony - swarnapaliye كلمات أغنية
(sajitha anthony)
දොරමඬලේ ගිණිවැදුණේ
තුන් හිතේ ගින්දරායි දෙයියෝ…
සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
ඒ පාර සරසන්න මල් පිපුණෙ නෑ
වස්සානෙ ගිම්හානෙ උන්නේද මා
ඒ වෙනස මට දැණුනෙ නෑ
කාලයේ බින්දු හේඩාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වෙ
ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ
අන්තයේ ඈත සේයාවේ
ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ
ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා
පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ
රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
මං ගාව ඔබ උන්නෙ නෑ
කාලයේ බින්දු හේඩාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වෙ
ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ
අන්තයේ ඈත සේයාවේ
ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ
(sanuka)
දොරමඬලාවට යන්න පියඹාගෙන
එන්න සැරිසරන්න පඬුඅබා
කථා වස්තුව මුල සිට අගට මෙන්න
භද්දකච්චායනා කුමරි පඬුවස්දෙව් රජ මහේසිකාවි
වදාපි කුමරුන් දස දෙනෙකි
එකොළොස් වැන්නි චිත්‍රා දේවි එක්ටැම් ගේක
දීඝ ගාමිණීට දාව උපදින කුමරු මැරුමට
මාමාවරුන් පැමිණ වැදුම්ගෙට බලන කල
කුමරියකි චිත්‍රා ළඟ කුමරු නොව
කුමාරයෙක් ලැබුණොත් චිත්‍රාවට
මාරක අපලයි මාමාවරුන් දසදෙන හට !
දසතින් සේනා පිරිවරාගෙන පැමිණ මරති පුංචි කොලු ගැටව්
දිය කෙලින කුමරු ගස් බෙනයක සැඟව නරඹ නිහඬව හඬමින්
මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්
(sajitha anthony)
“මව්බිම මම සුරකිමි.මව්බිමේ උරුමයට කැපවෙමි”
සුරතින් අසිපත දරාගෙන අධිඨන ගෙන ගියෙ
සිංහනාද පතුරවමින් හෙළය ජයගනිමින්!!!
අසිපතේ තැවරුණේ ප්‍රේමයයි
උන්මාදිනියේ මා ළයේ වැගිරුණේ ස්නේහයයි
දොරමඬල ගිනිබත් වී
එ ගිනි කඳ හද පත් වී
ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ
ස්වර්ණපාලියේ ///
ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ
كلمات أغنية عشوائية
- and one - white doves كلمات أغنية
- and one - anguish كلمات أغنية
- and one - the secret كلمات أغنية
- and one - sexkeit كلمات أغنية
- and one - love you to the end كلمات أغنية
- and one - the force كلمات أغنية
- and one - over there كلمات أغنية
- andain - promises كلمات أغنية
- andre matos - violence كلمات أغنية
- yung prince - awesome كلمات أغنية