
rudeboyray - manmath wuna كلمات أغنية
hook : aki vish
මන්මත් වුණා ඔබේ දෑස කී කතාවෙන්
කුල්මත් වෙලා මගේ සිතත් ඔබේ සිනාවෙන්
ඉවසන්න නම් හිතක්ම නෑ කෙල්ලේ
පවසන්න ආදරේ ඔබේ සිතේ පැටලී
ගයන්නම් ගීතය අපේ ආලයේ…
verse 1 : rudeboyray
දැක්ක දා ඔය ඇස් කෙල්ලේ
බවුන් වැඩුවා මනසින් එක එල්ලේ
මගේ කරන්, මිරිකන් ඔය අත
ඇවිදින්න ඉර ගිලෙන වරුවක වැල්ලේ…
එලයි පාවඩ, සුදු පෙණ කැට
බදු අරන් වෙරළේ මායිම, ඉඩ_කඩ
හමුනොවන අනන්තය හොයන් ඇවිදිමු අපි
හැඩ_වැඩ තවරන් පා තුඩු අග…
දවසක් මට නම්, මදි
ආදරේට මෙතරම්, කවි
පාළුවේදී හිත නම් නෑ නිදි
කළුවරේ ද නෙත දල්වා හිඳී…
ඔය හිනාවට නොදැනීම වහ වැටේ
මගේ ක්ෂීරපතේ දීප්තිමත්ම තරු කැටේ
නුඹේ මදහස් මිණි සළඹ හඬවලා
සත්තයි කෙල්ලේ නුඹ මා මන්මත් කළා…
hook : aki vish
මන්මත් වුණා ඔබේ දෑස කී කතාවෙන්
කුල්මත් වෙලා මගේ සිතත් ඔබේ සිනාවෙන්
ඉවසන්න නම් හිතක්ම නෑ කෙල්ලේ
පවසන්න ආදරේ ඔබේ සිතේ පැටලී
ගයන්නම් ගීතය අපේ ආලයේ…
verse 2 : rudeboyray
මේ ආදර කතාවේ නුඹ තේමා ගීයයි
පේළියක් පේළියක් ගානේ හද ඉපිලී යයි
නුඹෙ හඬ තනුවක් වගේ, කන්තාරු
එක්වෙලා කරමුද ලොව අපි පින්තාරු…
මේ හිත පොඟවන් නුඹේ පහසේ
යට ප්රජාතාන්ත්රික නිල් අහසේ
මුළු හිතින් ඇවිදිනවා පෙම් පලසේ
මම තාම විදහාගෙන පිල් මනසේ…
මැද සරල සමමිතික පසුතල
අපේ පෙම ජ්යාමිතික හැඩතල
තියන්නම් කෙල්ලේ මම වැස්සටත් ගිනි
මුව සිපගන්න මගේ ඔබ වෙලා කැට පිණි…
අපේ ලොවේ ආලවන්ත වීදි නම් බෝමයි
ගෙවෙන තත්පරේටම මම ලෝබයි
දුරස් කළා දුක නුඹ හීනවල සිට
බෙදාගත්තා ජීවිතේ, වෙලාගත්තා හිත මගේ…
bridge : aki vish
ප්රේමනීය හැන්දෑවේ, අත අල්ලාන ඔබගේ
මුවා වේවී, ඔබේ ළමැදේ හිස තබා
ක්ෂිතිජ රේඛාවේ, සායම් තවරා අපේ ආදර කතාවේ
වර්ණවත් කළා…
hook : aki vish
මන්මත් වුණා ඔබේ දෑස කී කතාවෙන්
කුල්මත් වෙලා මගේ සිතත් ඔබේ සිනාවෙන්
ඉවසන්න නම් හිතක්ම නෑ කෙල්ලේ
පවසන්න ආදරේ ඔබේ සිතේ පැටලී
ගයන්නම් ගීතය අපේ ආලයේ…
كلمات أغنية عشوائية
- dzorzi, dušan kurtić - vidim samo nju كلمات أغنية
- failed star - endless mindloop كلمات أغنية
- samayusi - passé chaos كلمات أغنية
- a boogie wit da hoodie - feel like dying كلمات أغنية
- kyll mara - midnight rider كلمات أغنية
- yatoimtop - secrets كلمات أغنية
- icybando - wtf كلمات أغنية
- mannus diez - un léger vent كلمات أغنية
- fulflej - microwave كلمات أغنية
- kali (pol) - prosto z zandki كلمات أغنية