
rudeboyray - annasi kali | අන්නාසි කෑලි كلمات أغنية
[intro: prasa kg]
අයිස් කැට size, අන්නාසි කෑලි වල size
හැමෝම ආසද බලන්න, අන්නාසි රස විඳින්න
දත් මැද්දෙ තියලා හපන්න, වොඩ්කා උඩට හලන්න
ජාති විදියකට ඒක බොන්න, තව කොටුවට කපන්න..
ආසයි රසයට අන්නාසි, ඒක නම් පට්ට වාසි
කෙල්ලන්ට වියදම් නොකර කාසි, රවට්ටනවා දීලා අන්නාසි
දෙනවා මං පට්ට වදන් ලියලා, සමහරු කනවා අන්නාසි උයලා
බස් එකේ ටවුමේ විකුණනවා පියලා
50 යි කෑල්ලක් අන්නාසි කියලා…
ඉදිලා වැක්කෙරෙනවා පැණි බිංදුව
දිව අගට අමුතු රසයක් කැන්දුව
හැමෝගෙම සිත් රසයෙන් බැන්දුව
අහමුද අපි අන්නාසි සින්දුව?
[verse 1: rudeboyray]
කොටුවට කපාපු අන්නාසි කෑලි
හපන්න නැති වෙන්න ඇඟේ ගතිය ඈලි මෑලි
අන්නාසි ගැනම කියවෙන මේ පද පේලි
කොල්ලන්ටත් හොඳයි ඔහෙ ඉන්න වේලි වේලි…
බල බලා ඉද්දි හැඩ කෙල්ලන්ගෙ ලස්සන
උඹේ කෙල්ල දාද්දි බොරු ලොකු සීන් විස්තර
කට උස්සලා එයා බනින්න ඉස්සර
ඔබපන් අන්නාසි කෑලි දෙකක් කට අස්සට…
මෘදුවට තියලා හපද්දී ඒවා දත් ඇන්ද මැද්දෙ
කනට ඇහෙනවා නේද අර මොකක්ද නැවුම් බවේ සද්දෙ
අන්නාසි ම තමයි ටවුමේ, හංදියේ, ගෝල්ෆේස් පැත්තේ
අක්කර තුනයි අන්නාසි කොටුව පියලා ගෙ වත්තේ…
නියමෙට දැනෙන්නේ අන්නාසි රහ මාරෙට
ඉදිලා තියෙද්දි ගෙඩි පොඩ්ඩක් විතර බාගෙට
ගන්න නැති වුනත් ඒවා ඒ තරම් ලාබෙට
හදවත ගැහෙන්න අන්නාසි_අන්නාසි තාලෙට…
[chrous: randi nanayakkara]
ගැලවීමක් නෑ මම දන්නේ..
හදවතට ම දැනෙනවා අම්මේ..
අමුතු දෙයක් වෙයි මගෙ හිත අස්සේ
හදවත පැද්දේ, අන්නාසි සද්දේ
මගේ ආසම පළතුර අන්නාසි…
මගේ ආසම පළතුර අන්නාසි…
[verse 2: rudeboyray]
කොටුවට කපාපු අන්නාසි කෑලි
ෆික්සු බවුන්ස් කරවයි ඒ රසය වාසි
අහලා තියෙනවද මේ වගේ වදන් #ජාති
rudeboyray එක්ක prasa kg ආවේ අහසින්…
ගම්මිරිස්, මිරිස් කුඩු දාපු අන්නාසි කෑලි
විකුණනවා බීච් එකේ, උඩ තියලා ලෑලි
අපි ළඟ නෑනෙ ඔය බොරු පල් හෑලි
ඔයාලත් කාලා බලන්න කොටුවට කපාපු අන්නාසි කෑලි…
අන්නාසි කන්න හරි කෑදරයි මගෙ කට
හොල්ලලා දෙපාරක් ලුණු, ගම්මිරිස් දමා පදමට
කාගෙන යනකොට දත් හිරි වැටුණට
කියද්දිත් ඔන්න ආයෙත් කෙළ උනනවා මට…
පොඩියට, කොටුවට කපලා සැරට අන්නාසි උයන්න
ලොකුවට, රවුමට කපලා අනේ ඩෙසට් එකට තියන්න
ඔය වෙනසක් නොදන්න මිනිස්සු බැන්නට එපා සැලෙන්න
අන්නාසි කෑල්ලක් කාලා බලලා මටත් රහ කියන්න…
[chrous: randi nanayakkara]
ගැලවීමක් නෑ මම දන්නේ..
හදවතට ම දැනෙනවා අම්මේ..
අමුතු දෙයක් වෙයි මගෙ හිත අස්සේ
හදවත පැද්දේ, අන්නාසි සද්දේ
මගේ ආසම පළතුර අන්නාසි…
මගේ ආසම පළතුර අන්නාසි…
[verse 3: prasa kg]
කොටුවට කපාපු අන්නාසි කෑලි
ඒවා දීලා අඹරනවා ලස්සන කෑලි
කිලෝ ගණන් අරන් කපලා කෑලි
වීදුරුවයි, දුම යයි ඇහෙනවා බොබ් මාලි…
සමහරු කපනවා ලොකුවට රවුම් පෙති
කොටුවට පොඩියට කැපුවාම මාර ගති
කන්න ගත්තාම කනවා එක දිගට සති ගණන්
කොච්චර කෑවත් මටනං වෙන්නෑ ඇති මචං…
මේක කියන්න බැරි තරම් පට්ට විදියක්
කොටුවට කපලා ගත්තාම ගහද්දි වොඩ්කා අඩියක්
ජූස් එකක් නම් මට මදි අන්නාසි බඩියක්
rudeboyray කනවා සම්පූර්ණ අන්නාසි ගෙඩියක්…
මං prasa kg
rudeboy එක්ක එක් වී
දෙනවා ලස්සන සින්දුවක් කාලයක් තියෙන්න හිට් වී
කොටුවට කපලා බොද්දී, එද්දී මුලු ඇඟම රත් වී
ලිව්වෙ මේ රැප් එක අන්නාසි රසයෙන් මත් වී…
[chrous: randi nanayakkara]
ගැලවීමක් නෑ මම දන්නේ..
හදවතට ම දැනෙනවා අම්මේ..
අමුතු දෙයක් වෙයි මගෙ හිත අස්සේ
හදවත පැද්දේ, අන්නාසි සද්දේ
මගේ ආසම පළතුර අන්නාසි…
මගේ ආසම පළතුර අන්නාසි…
كلمات أغنية عشوائية
- donttouchrylie - do you need help? كلمات أغنية
- lajfr - rána كلمات أغنية
- trust army & 38 spesh - street therapy كلمات أغنية
- izayahcloud - large كلمات أغنية
- virgin orchestra - give in كلمات أغنية
- gladagang - headshot كلمات أغنية
- amicus tenebris - i just wanted to make you smile كلمات أغنية
- enes alper - anlamsızdan anlam çıkar كلمات أغنية
- joachim witt - beben كلمات أغنية
- joshua hyslop - hard rain كلمات أغنية