
rudeboyray - adikaram sithivili كلمات أغنية
chorus : (harindu)
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී… //
verse 1 : (rudǝboyray)
ආසම මං පාඩුවේ ඉන්න, මගේ ම ලොවක මනෝ පාරක් ගහන්
rubik කැටයක කොටුවුණ, කැරකෙන අවුලක විසඳුම හොයන්
ඈත අහසේ තල්මසුන් ඉගිල්ලෙන පාණ්ඩු පාට හැන්දෑවක
“හරිඳු” උඹේ සංගීතය අහන්, රළ බිඳෙන්නේ නැති ගංගාවක…
සිතුවිලි ඔරුවක පා වෙන ගමන්, “ලස්සන වසිලිස්සා” දෝතින් බදන්
අකුරු හිර කරපු පවුරු බිඳන් මං, පාට කඩදාසි මාළිගා කඩන්
පුච්චන් කන්න මට මගේ හදවත, දැවෙන ගිණිවලින් මගේ හිස තුළ
අමන විද්‍යාත්මක හිනාවක් පාං, මන්දගාමී මතක මැද නොවී විරසක…
ඒ දැවෙන ගින්නේ හෙමි හෙමින් නිවෙන අඟුරු කැට අරගෙන මම හැඩකළා චිත්‍රය
“අහසින්” තරුවක් කඩා වැටෙනවා, දුක් නොවී දෝතින්ම එය අල්ලගනින් මිත්‍රය
ලෝකෙ කළු_සුදු පාටයි, මගේ ආත්මය මගේ මේ ෆැන්ටසිය ට බාරයි
ඔළුව විකාරයි, ලෝකයා දිහා බලන් මගේ හිත තවමත් කාරයි….
chorus : (harindu)
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී… //
verse 2 : (rudǝboyray)
ආසම මං පාඩුවේ ඉන්න, හිතේ දොරටු ඇතුළෙන් ලොක් කරන්
රිදෙනවා ට ඔට්ටුයි මං, ඒකයි හූරන්නේ වළාකුළු නියමල් ඉරෙනකන්
රික්තකයක නහින මිනිස්සු මැද මැරුණු ඊයේ හා නූපන් හෙට අතර
නිර්වාණය මට ඇත්තේ මයික් එකයි මායි අතර නොවෙනස්වන දුරක…
හිරවෙන්න ම ඕනා කාමරේක විවෘත වෙන්න මට මගේ සිතුවිලි
ඒකත් සාපයක් වගේ (සාපයක්..වගේ)
තියෙනවා මට විශ්වාසය නැමැති බිත්තියේ පැල්මක්
පිරිසකට වැඩියෙ තනිකමෙහි ඇල්මක්
ලේ බැහැපු මගේ ඇස්වල හිස් බැල්මක්
හදවතේ වම් පැත්තේ කුඩා තැල්මක්…
ඔළුව ඇතුළේ මං ම හදාගත්ත විශ්වයක මන්දාකිණි කඩාගෙන යද්දී
තනිකම _ තනියම _ තනි මම _ තනිවම විඳගෙන ඉන්න වෙන හැටි මතක් වෙද්දී
ආසයි තවකෙක් හා හැඟීම් එක_දෙක නිරුවත් කර නිදහස් වෙන්න
“අදිකාරම් සිතිවිලි” විතරක් අරන් මගේ අහස් වියන යට ඇවිදින්න එන්න…..
bridge : (harindu)
විශ්වයේ.. අද අපි තනි වී දෝ අරමුණ ගිලිහී දෝ
විසිරුණ සිතිවිල්ලක මා සැඟවී.. අද මා සැඟවී… //
chorus : (harindu)
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී… //
كلمات أغنية عشوائية
- silent majority - arthur trevor كلمات أغنية
- lil keke - south side كلمات أغنية
- lil keke - don't you know كلمات أغنية
- pharcyde - oh shit كلمات أغنية
- silent majority - party at richs كلمات أغنية
- lil jon the east side boyz - white meat feat. 8ball & mjg كلمات أغنية
- lil jon the east side boyz - what u gon' do feat lil scrappy كلمات أغنية
- lil jon the east side boyz - weedman كلمات أغنية
- lil jon the east side boyz - throw it up كلمات أغنية
- lil jon the east side boyz - stick that thang out كلمات أغنية