
rudeboyray - 10. husmen. كلمات أغنية
chorus _ mihindu
හුස්මෙන් පණ දී..
භාරය මා උහුලා දරන්නී.. ලක් මෑණී..
ඔබ මා,..
තුරුළේ රකිමින්..
ජීවය සුළඟේ.. පා කරවන්නී..
එක් වී බැඳී,..
ලයගින් ඇදී… මහිමේ කරා….
verse 1 _ rudeboyray
තීරණ ගනින් මොළෙන් උඹ හිතපන් හදවතින්
ජාතිවාදෙන් ද සමුගත්තේ මිනිසත්කමින්
දොඩවමින්, මුවගින්, තතනමින් හිඳ
නිවටුන් පහරයි යුධ ගිනි අළු මතින්…
රට වෙනුවෙන්, හෙට වෙනුවෙන් කටින් පණ දෙන්න
දෙඩෙව්වට කට මැත නිතර
දැනගනින් දරුණු පරතරයක් ඇති බව
උඹ කල්පිතය හා යථාර්ථය අතර…
ඇවිද යමන් නිදහසේ මාවත මත
තිස් වසරක මිනී අළු කරගෙන පාවඩ
ස්වර්ගය වෙත යන පාර මෙන්න
ජීවිතයේ වන්දනාව යන්න එන්න…
ධාරණය කරගනින් අවධාරණයෙන්
සුවය ලැබෙන්නෙ ආගමෙන් නෙවෙයි ආදරයෙන්
හකුලපන් අදහස් ප්‍රාථමික, පාන්තික
අත තියන් පපුවට කියපන් මම ශ්‍රී ලාංකික…
chorus _ mihindu
හුස්මෙන් පණ දී..
භාරය මා උහුලා දරන්නී.. ලක් මෑණී..
ඔබ මා,..
තුරුළේ රකිමින්..
ජීවය සුළඟේ.. පා කරවන්නී..
එක් වී බැඳී,..
ලයගින් ඇදී… මහිමේ කරා…
bridge _ mihindu
බෝ… ගිනි දැල් ඇවිලී,.. මනුදම්
වියැකී යද්දී… මියැදී යද්දී…
ඈ…. වැළපී හඬනා…
විලාපේ ඇසේ… විලාපේ ඇසේ….
දෙසවන් පුරවා… හඬවා….
verse 2 _ rudeboyray
රැකගන්න ගිහින් ආගම විනාශ වෙලා ධර්මෙ
රැකපන් මිනිස්කම් පස්සෙන් එනවානම් කර්මෙ
දෙවියත්, යකාත් හිතමයි තේරෙනවද කාරණේ
පන්සල් පල්ලි නෙවෙයි මනුස්සකමයි අවධානමේ…
සසඳපන් තැන් ආගමික, තාත්වික _ අතාත්වික
පිළිපැදපන් ශික්ෂා පද අධ්‍යාත්මික
කපා හෙළපන් අන්ධ විශ්වාසයේ හත්ත
වැඳන් දෙවියන් බුදුන් අවබෝධ කරන් ඇත්ත…
වැනසෙන්න අතැර මිනිසුන් වී තිරිසන්
කාගේ කාගෙත් දෙවියන් අද වෙලා ද සිහිසන්?…
මනුස්සකමයි අපි තේරුම්ගත්තේ නැති දේ
ඒකයි සංහිඳියාවේ බිත්ති වල ලේ..
ඉන්නේ අපි ඈ තවමත් හුස්ම දෙන හන්දා
මේ මගෙ රට මේ රට මගේ අම්මා
මේක ශ්‍රී ලංකාව අපි ඔක්කොම එක තමයි
ජාති වාදෙ අවුස්සන උන් ගාව ලේ ගඳයි…
outro _ mihindu
වෙන් වී.. බෙදී හිඳි.. බැමි කඩා..
ඇයගේ තුරුලේ… නැළවී… ආ…..
ගයමූ… සැවොමා… ගීතේ… ආදරේ…
كلمات أغنية عشوائية
- void (bra) - apenas sorria كلمات أغنية
- maconha world, jamaican fein & newells venezuela - rubius y mangel كلمات أغنية
- fababy - pavé 9 كلمات أغنية
- oneus - devilish love كلمات أغنية
- roșu și negru - miracolul suprem كلمات أغنية
- iamrtb - spend it كلمات أغنية
- the clique (usa) - hallelujah! كلمات أغنية
- asarhaddon - am ende ewiger wasser كلمات أغنية
- m blanket - kid collision كلمات أغنية
- nosnow - fucubos كلمات أغنية