
rudeboyray - 06. dna. كلمات أغنية
intro _ minol
ඉවසුමක් නැති
පැරදුමක් නැති
කවලමක් ඇති
තවලමක් මැදින්..
මරණයට කලින් අමතක නොවෙන්න පිදු අතින්..
හපා කන්නට අමතක නොකල මිතුරෝ
මට ඇති දැන්
verse 01 _ minol
කතා කරන
ටෙලි කතා බලන
උන්ගේ ගිරා වචන සිරා කරන
හිනා රටක
මඩ කලා වැවක
හිල වසා රකින
මොන පරපුරකට බලා ගන්න
නෙලුම් කුළුණ හැදුවේ
ගමේ උන්ට කොළඹ එන්න පේන්න
හෙට කේන්දරේට
අහලා බලපං ආසිරිගෙන්
වැඩ කරන්නේ ස්පා එකේද
නාකි පකයෝ බලයේ ඉද්දී
අපේ අනාගතයක් අරගලේක
රට රකින විරුවෝ කියපු උන්ම
ගැහුවේ රිංග රිංග
උන්ගේ සිගිති නීති
කටු කන බලු හැතිකරේට පින් දිදී
උඹේ අම්මාට හිතෙයි ඇරියනම් උඹත්
අනිත් හිලේම..
හැබැයි පරිස්සමින් සර්..
89 මතක උන් ඉන්නවා
බලාගෙන ඒ කොන්ක්‍රීට් කැලේ
උඹේ දරුවට දැක්කොත් වටිනවා
ඉස්සර රුපියලේ හැඩේ
දෙමළෙක් කොටියෙක් කෙරුවෙත්
මේ රටේ දේශපාලනේ
උඹටත් ආසයි වගේ මට පේනවා
විජේවීරව මැරුවා වගේ
මගේ දරුවෙක් කොහොමද බිහි කරන්නේ
තොපි වගේ උන් වැඩි රටේ
මල පොතකට වියදම් කරන්න
වකුගඩු දෙකයි මට ඇත්තෙත්
පිට රට ඇති වැඩ ඒත් උඹ නලවන මගේ අත් දෙකෙන්
වැසිකිලි හෝදන්නේ කොහොමද බං
පරංගි ගැත්තෙක් වගේ
පකද ගල විදලා ගිය ගැන
කියවලා ඉතින් ලියවලා
මිය පරලෝ සැපත ලං කර
දීපං දන්සලකට නියගලා
සිංහරාජේ සිංහයෝ නෑ, නවක වදය වැඩි නිසා
ආයේ ඉතිහාසේට වීරයෝ නෑ, කොපුවක් ඕනෙම නිසා..
bridge _ minol
ඉවසුමක් නැති
පැරදුමක් නැති
කවලමක් ඇති
තවලමක් මැදින්..
මරණයට කලින් අමතක නොවෙන්න පිදු අතින්..
හපා කන්නට අමතක නොකල මිතුරෝ
මට ඇති දැන් කතා කරනවා…
verse 02 _ rude
කතා කරනවා,.. තිර කතා ලියනවා…
කිළි මවා හිතක හොවාන, පිඩු සිඟාන කන ඇස්වලින්
දඩ මීමා කරන්, ඒ වරදකාරී හැඟීම්
චීවරයෙන් පතා නිවන, වටාපතක, රටා ගණිනවා…
හොර නඩේක සීනි තොග කඩේක සිල්ලර ට කිරපු නිකමෙක්
පොඩි පාරිශුද්ධ ආප්පයක් ඔළුවෙ දාන් හිනැහිලා
පාස්කු බෝම්බේ මූණිස්සම් බෝල එක අතකට අහුරලා
මළ උන්ගෙ පවුල්වල ඔළු උඩින් ඌ බොල් අහස ට විසිකළා…
ශ්‍රීමත් සුදු අඳින හැත්ත, බීගත් කහකඩ බුරුත්ත
ගහන එක ම බයිලෙ වගේමයි කටු මැණිකෙගෙ සිංදු
කරුමෙට ෆේමස් මොළයක් නැද්ද? නූගත් හෙළ නළු කැරැක්ටර්
ගෑණිගේ පීරියඩ් ගැනවත් සීරියස් වෙයන් බන්දු…
කන්න නැතුව ගඟ ට පැන්න අම්මයි දරුවොයි දියේ පා වුණාට
මිනී මරලා වැන්දත් කැළණියෙන් පව් බොල් ණයකට කපා හැරියා
ඒ පොඩි එවුන්ගෙ පෙනහළු පුපුරද්දි තොට ගාණක් නැති වුණා ට
එක හුස්මක සැප උඹ ට දැනියන් “පනාපුත්‍ර කුහුඹු කැරියා!”…
දණ නමලා ඔළුව බිම තියන් උඩ ට උස්සපු උඹේ පුකේ හිල ට
දාලා මල් පොහොට්ටුවක් ඒ මල් පෝච්චියක් කිව්වැහැකි ද?
උන්ගෙ නේක පැහැති හැඩතල ඇති මළපහ කාපු තෝ ගැන මට
හිත ට එකඟව මගේ අතින් බොරු ගුණ වර්ණනා ලිව්වැහැකි ද?
ක්‍රිකට් ගහපු අයියෙක්, ෆෝන් චාර්ජ් කරපු දෙයියෙක්
ශ්‍රද්ධාව වැඩිවෙද්දි හමුවෙනවා ලු ප්‍රඥාව නැති බයියෙක්
මේක එකම තැටිය තොපි වගේ හරක් අන්දවන්නේ කයියෙන්
මගේ වචනවලින් මං දෙනවා ඇවිත් තොපේ කණ ට හයියෙන්…
කුළුගෙඩි පාරක් දීලා අකාලේ කුඩුවෙන්න ඔළුකට්ටේ කපාලේ
කෑළි 07ක ට කපා බැලුවොත් මොළ බහුතරේක එක එකාගේ
ඒ ජානවල ට පාර කියන නාළ ඇතුලේ හාරා බැලුවොත්
“වහලෙක්” කියලා imprint වෙලා ඇති තොපෙ සෛලයක් ගාණේ…
නිළමැසි රැළකින් කවදාවත් මළකුණක්වත් බේරෙන්නෑ
මේ dna අවුලක් තොපෙ වහල් ගති මට තේරෙන්නෑ
ඇට්ටකුණා වඳ ගස් වගේ තොපි කවදාවත් පීදෙන්නෑ
මේ වචන ලිව්වෙ වතුරෙන් නෙවෙයි මං පෑන…. බිම තිබ්බ ගමන් වේලෙන්නෑ…
outro _ rude
සැනසුමක් නැති, මළකුණක් වැනි
හණ සළකුණක් ඇති, ඉරණමක් මැදින්
මරණය ට කලින් අතපසු නොවෙන්න මගෙ අතින්
හදාගන්න ට නිදහසේ හිත ට දැණුන මට ඇති තැන්
කතා කරනවා…
كلمات أغنية عشوائية
- krazy e (the mad professor) - house party (we happy) كلمات أغنية
- motif - seguiré كلمات أغنية
- vrishika closing - street servant كلمات أغنية
- sauzzze - infierno (nadie) كلمات أغنية
- masc music - in the end, i chose you كلمات أغنية
- magyvermire - ɡärdēən mal'ākh كلمات أغنية
- yus gz - step كلمات أغنية
- okko - éclipse كلمات أغنية
- enzo fiore - a few states كلمات أغنية
- acidgvrl - skinny goth little red girl (iri-chan's ballad) كلمات أغنية