kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

rod recordz - yali ennako (යලි එන්නකෝ) كلمات أغنية

Loading...

[chorus]
යලි එන්නකෝ නුබ අප සොයා
මෙ ලෝකය යුධ පිටියක් වෙලා
මගේ ජේසුනි ලොව වියැකිලා
ජීවමාන නුඹේ නෙතු ඇයි පියවිලා අද පියවිලා

[verse]
ඇයි දෙවියනි ලොව මැව්වේ
ලොව කුරිරු අපායක අප මැව්වේ
මනස උසස් උදවිය යුධ ගින්නේ
නිර්වචනයක් සොයනෙමි මම ඔබ සෙවනේ
රාමුවකට කොටු උනු මිනිස් ජාතියක්
කොහි යන්නද වනසා තවත් ජාතියක්
හරිදේ පටලන් නටනා සමහරක්
රුධිරය රතු යැයි අමතක කර මදක්

[bridge]
මේ නිජබිම පැතිරෙන ඒ ශාපේ
අපි එක්වී පරදමු මගේ මිතුරේ
ලක් මෑණියෝ රැකගමු පණ වාගේ

[chorus]
යලි එන්නකෝ නුබ අප සොයා
මෙ ලෝකය යුධ පිටියක් වෙලා
බුදු සමිදුනි ලොව කෙලෙසීලා
අඩවන් නුඹේ නෙතු ඇයි පියවිලා අද පියවීලා
[verse 2]
එක එකා පැති බෙදිලා රට දෙකට බෙදලා
නැති ප්රැශ්න හදලා සුදු රෙද්ද ඇඳලා
වෘක හම පොරවන් රටකන්න හදනා
මොළ සුද්ද කරලා රට සුද්ද කරලා
ගැටුම් ඇති කරලා වැරදි වහ ගැනිලා
පැත්තකට වීලා රසකතා කියනා
දේශපාලනයෙන් උන් දැන් රට අල්ලන්
ජාත්යලන්තරය දැන් ඉව අල්ලන්
මගේ රට බෙදන්නද මේ සැරසෙන්

[bridge]
අපි ලක් මවකගේ දරුවෝ
එක ලෙය ඇති සොහො සොහොයුරන්
රැව් පිළිරැව් දේ…..
අපගේ නමින් මුළු ලෝ මිහිතලේ

[chorus]
යලි එන්නකෝ නුබ අප සොයා
මෙ ලෝකය යුධ පිටියක් වෙලා
අල්ලාහ් දෙවියනි ලොව වැනසීලා
පාපතර මිනිසුන් ලොව වැඩිවෙලා ලොව වැඩිවෙලා

[outro]
එක මවකගේ එක දරුවන් සේ
එක ලෙයින් බැඳී ලේ නෑයන් සේ
හැමදාමත් හම ප්රලශ්නෙකදිම අපි එකට
ආදරෙයි
we are sri lankan

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...