kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pramoth ganearachchi - dewuliya كلمات أغنية

Loading...

ප්‍රේමේ මාගේ ලංවීලා රහසේ
සේයා වීලා රූ පේනා
ඈගේ ආලේ රැස්විහිදා අහසේ
පේනා හීනේ වෑහීලා

අඟනුන් රෑනේ බමරුන් ගෑවේ
ගිණියම් වීලා මේ සේනා
ආලේ වෑහේ සඳසේ රූ සෑහේ
අපි මත් වීලා ආලේ පෑවේ

මේ රෑ ආශාවේ ඈ ලොල් පානා
පාවී හෝරාවේ සේයා ගේනා
දෑසේ ඡායාවේ මාගේ වීලා
ලංවී මේ රෑනේ ආශා මවා
ආලෙන් වෙලෙනා මායම් ලලනා
ඒ නෙතු සැලෙනා ලංවී බැඳිලා//

දෙව්ලිය වාගේනේ ඇසිපිය ශෝබාවේ
නලඟන වාගේනේ අප සනසාවීනේ
නලවන තාලේ ඉඟ සුඟ ඈගේ
අප සැනසූවා වේ

ආලෙන් වෙලෙනා මායම් ලලනා
ඒ නෙතු සැලෙනා ලංවී බැඳිලා//

(rap)
සොලවන ඒ නිතඹ දෙස මේ දෑස් යොමුවේ තාලෙන්
⁣හද මැලවුණු විට පුබුදුවා ගන්න එන්න නුඹගේ ආලෙන්
පලඳවා ගෙලේ නතු කරගන්න සෙනේ පොඟවපු මාලෙන්
නුඹ එන තුරා කල් බලා සිටිමට හිඳ ඉන්නම් සාලෙන්

ගමන් ගද්දි දෑතින් අල්ලා ගුරු මගේ මල් බරවේවි ඉති
ගතින් නොදැනුනත් දෑසින් පේවී ඉතින් හදවත කවා දමා කිති
ලැබුනොතින් හද තුල සඟවා ගමි රැකගමි නුඹ නිති
සිනා වෙලා මුවින් යන්න එනවද නුඹ වෙනවද අකමැති

මේ රෑ ආශාවේ ඈ ලොල් පානා
පාවී හෝරාවේ සේයා ගේනා
දෑසේ ඡායාවේ මාගේ වීලා
ලංවී මේ රෑනේ ආශා මවා
ආලෙන් වෙලෙනා මායම් ලලනා
ඒ නෙතු සැලෙනා ලංවී බැඳිලා//

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...