
keefa (rap) - koti salakuna كلمات أغنية
1st verse
මං පිස්සෙක් බොලා බැන්දත් තද වැටක්ම
මේ පිස්සන්ට කොහෙන්ද ඩෝ හැතැක්ම
මං කට අරිද්දි වැහෙයි දැන් හැම කටක්ම
වදනින් අල්ලගෙන ඩෝ ඉන්නේ මුලු රටක්ම
කෑමෙන් නෙවෙයි රැපෙන් ඉඳුල් කට ගෑවේ
නොන්දන්න නයි නම් නෙවයි බං දන්නම නයිමයි කෑවේ
ලඟ ඉන්න උනුත් ගියා ඕනෙම වෙලාව
මන් ඉන්නකොට ඉන්ඩ බෑඩෝ ගෝතයෝ කළාවේ
ගහන්ඩ අයියාලාගෙන් ආවා ගොඩක් කෝල් මටත්
ඉතින් කෝ වරෙන් ඩෝ තද මෝල් මටත්
හිතුනොත් සෙනික මං ගලවන්නම්කෝ දතත්
තිබ්බොතින් ගැහුවා බලුවෙන්නෑ ඩෝ නැතත්
හදන්න දහදුක් වින්ඳට කඳුලින්ම
අම්මටයි තාත්තාටයි වැඳපං මුලින්ම
සෙල්ලමේ දඟලයි මේ ගෝලයත් උඩින්ම
yk ගේ නම ලියන්නම් රං අකුරින්ම
1st hook
ආස කලේ මං දවසේ වැඩි වෙලාවක් ගෙවන්න රැප් කියන්
ඉස්සරම මොට්ට කට බන් ගේමට දැන් එකෙන්ම්ම පත්තියන්
යාලු ඔතපු වදං උඹලත් පෆ් එකක් බියන්
කීෆා කප් එකත් අරන් දුවන්නෙ ගැප් එකක් තියන්
ගැප් එකක් තියන් කොල්ලා ගැප් එකක් තියන්
ගැප් එකක් තියන් දුවන්නෙ ගැප් එකක් තියන්
…………ගැප් එකක් තියන්
කීෆා කප් එකත් අරන් දුවන්නේ ගැප් එකක් තියන්
2nd verse
අරින්නද සෙම තියල උඹේ හක්කෙ
ජාවාරම් වදං විකිනෙන්න හොරෙන් පැක් වේ
අපි හොඳ උනත් උන් නරකමයි දැක්කෙ
කීෆා බැක් විත් කැටයම් ඇම්බැක්කෙ
දඩයම් නෑ වැරදුන ගොදුරක් නෑ ගැලවුන
වල දැම්මා මලකුණ තියලා කොටි සලකුණ
අඩෝ මටත් ඉතින් පොඩි කාලේ ඉඳලම උණ
නැත්තෙමත් නෑ වැරදි මගෙන් හිතලම වුන
මේ තාලේ හදා ගන්න ගියා ගොඩක් කාලයක් නම්
උඹලා මිනිස් පුලුටු නම් අවතාරයක් මං
නාඩගම්කාරයෝ රැප් කියලා කෑවා කාලයක් කන්
දෙයියා කෝ පඬුරු අහයි වෙන්න ආවේ භාරයක්නම්
මොනාද ඔට්ටු ලඟ නවන්නෙ වංගු
පැහැදිලියි වදං තද වචන අඩංගු
මගේ පේලි උඹගේ ලඟ අලවංගු
ඒකයි උඹේ පේලි මං ගාව අවලංගු
2nd hook
ආස කලේ මං දවසේ වැඩි වෙලාවක් ගෙවන්න රැප් කියන්
ඉස්සරම මොට්ට කට බන් ගේමට දැන් එකෙන්ම්ම පත්තියන්
යාලු ඔතපු වදං උඹලත් පෆ් එකක් බියන්
කීෆා කප් එකත් අරන් දුවන්නෙ ගැප් එකක් තියන්
ගැප් එකක් තියන් ගැප් එකක් තියන්
ගැප් එකක් තියන් දුවන්නෙ ගැප් එකක් තියන්
…………ගැප් එකක් තියන්
කීෆා කප් එකත් අරන් දුවන්නේ ගැප් එකක් තියන්
3rd verse
කෑවානම් කුම්බලා මාලු විඳවපං බළලෝ
සැප චක්‍රය මං ඉන්නෙ කරක කරකෝ
පරණ කෙල්ලන්ගේ මතකත්යැව්වා පරලෝ
ලහිරු කීෆා වෙන්නේ මදුවන්තත් මරලෝ
තාම නෑ ඉවර බේරුනේ උඹ ගැට්ටෙන්
රස දන්නේ කිඹුලයි ගිල්ල කිරි මැට්ටේ
කොල්ලෝ කුරුට්ටන් එකතු කරන් උගෙ පැත්තේ
එල්ලුනාලු දිව්‍යලෝකෙ යන්න අලි නැට්ටේ
නැත්තට නැති වෙලා ඉද්දී කොන්දත් කඩං
මගේ රස්තියාදු යාලුවෝ එයි බොන්ඩත් අරං
මේ ගමන යනවමයි මං මිම්මත් කඩං
ලොවෙත් ගොඩ ගියොත් යන්නේ ලඟ උන්වත් අරං
වැදිලා ඉද්දී දීලා බහිද්දි ඉල්ලයි ගත්තු දේ
ෆාමසි අයිටමුයි ඕන විසක් ඔරොත්තු දේ
ගස්සන්නැ කොකා හැබැයි දැගලුවොත් පත්තුවේ
උඹත් එක්ක තරඟයක් නෑ ඒකයි නැවත්තුවේ
كلمات أغنية عشوائية
- sybyr - no scope* كلمات أغنية
- svinkels - gouttable كلمات أغنية
- muriell lomadilla - bakit 'di na lang tayo? كلمات أغنية
- the folks below - you are free كلمات أغنية
- benny the bug - voice of greed كلمات أغنية
- throne heist - tour de france كلمات أغنية
- anlaki - radio tower ii كلمات أغنية
- emily tali - knight in shining armor كلمات أغنية
- bodyhaunt - soothe you كلمات أغنية
- dyrell james - lanta shit (remix) كلمات أغنية