
kaizer & genevieve ft. iraj - kathandare كلمات أغنية
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ
//kaizer kaiz
ආදරේ යනු දුකට තව නමක්
හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
අමතක කරන්නත් බෑ දැගලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ
දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ
ආදරේ තමයි සතුටට මන්තරේ
විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ
යන අයට යන්න දෙන්න අහකට
පලක් නෑ වතුරෙන් මියැදුන මලකට
යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට
ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට
//genevieve
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ//
//kaizer kaiz
මිතුදම උගස් කලේ අපි ආලේට
සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට
සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම
මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට
පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන්
උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක්
අපේ කතන්දරේ එක හිතක් නිදි
අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි
ආසත් නෑ විදවන්න මෙතරම්
ඒත් රලු මුහදයි හැදුවේ හොදම කපිතාන්
දැන් හිත හයියයි කොච්චර තැලුවත්
දෙන දෙයක් දෙන්න ජිවිතේ
මම සුදානම්
//genevieve
පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා
කෝලම් පුරසාරම් දැන් සායම් තවරා
හීනෙන් නෑ හිනෙන්වත් සෙනෙහේ බිදලා
ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ/
كلمات أغنية عشوائية
- myriam fares - aanadiya كلمات أغنية
- pinq - как ты смотришь на меня كلمات أغنية
- damascus worship - god of promises كلمات أغنية
- kyanofficial - far away كلمات أغنية
- paradigm, tribbs & si us plau - nirvana كلمات أغنية
- coco - лазерный прицел كلمات أغنية
- richi bling - cansao كلمات أغنية
- levyy mc - обіцянки كلمات أغنية
- balulu - בלולו - lo hayom - לא היום كلمات أغنية
- hammerschmitt - ewigkeit ii كلمات أغنية