
izzy iznu - thanikama (තනිකම ) كلمات أغنية
izzy iznu _
තනිකම.. තනිකම හැම රෑම..
තනියම විඳිනවා තනිකම.. //
smokio _
ඇයි කෙල්ලේ ආදරේ කිව්වේ ඇස් දිහා බලන්
ඈත්වෙන්න නම් නෑ හීන මැව්වේ මාලිගා හදන්
මුලදිම ළංවෙන්නෙපා මතකද කිව්වා මන් ( babe )
ඒත් ඔයා කිව්වේ මාවමයි ඕනේ දිවුරන්නම්..
සුන්දර දෙයක් තිබ්බද අපි දෙන්නගේ ආදරේ තරම්
සීමාවන් කඩන් ගොඩට එනවා වගේ සාගරේ ගලන්
ඉන්න නොදී මගේ ලෝකෙට වෙලා තනියම ඉද්දි මං ( babe )
ඇයි මං ගාවට ආවේ බලාපොරොත්තු අරන්
මං අහන්නද ප්‍රශ්නයක් ? කෝ දැන් ඒ හැඟීම
වචනෙකට සීමා වුනාද අපේ බැඳීම
ලේසි නෑ බොද වූ සිතුවම මකා ඇදීම
ඉවර උනා කතාව පටන් ගත්ත තැනින්ම
බාදුරා මලට ලං වුනා මමත්
ඔයා ගාව මෙලෙක් උනත් මගෙ හිත ගලක්
වෙච්ච දේවල් ගැන පසු තැවෙන්නෑ මම තවත්
ඔයා වෙලා මගෙ අතීතයේ තවත් එක නමක් ( babe )
තනිවී සිටින්නයි මා…
izzy iznu _
තනිකම.. තනිකම හැම රෑම..
තනියම විඳිනවා තනිකම.. //
chey 9 _
මුලු රෑ ම කලුවරයි හඳ නැති රැයක්
කල්පනා ලොවක දැන් ගෙවිලම පැයක්
මම දන්නවා වැරදුනා කොහෙ හරි තැනක්
අපි දෙන්නම හිතන්නෙ එකම එක දෙයක්
අපි හමුවෙමු රෑක _ අන්තිම පාරට
තනියම එන්න _ ගං ඉවුර ගාවට
නුපුරුදු අඳුරක් වෙලාගෙන මා වට
ගැලවෙන්නෙ කොහොමද කියලා දෙන්න මා හට
රතු පාටට ඉර බැහැ යද්දි
වෙරලේ තනිවුනා හඳ මුදුන් වෙද්දි
සීයට සීයක් අදහස් ගැලපෙද්දි
ඈත්වුනා උත්තර නැති ප්‍රශ්න එද්දී
තාමත් ඉන්නවා පාර ගාව
දන්නෑ වෙන්වුනු කාරණාව
මතක් වුනත් ඇගේ ඒ හිනාව
දෙන්න නම් බෑ කෙල්ලෙ ආයෙත් සමාව
දෙන්න නම් බෑ _ මම දෙන්නෙ නම් නෑ
කැඩිලා ගිය හිත හදවන්න නම් බෑ
ඔයා කොච්චර කිව්වත් කොච්චර ඇඬුවත් ඉස්සර වගේ අපිට ඉන්න නම් බෑ
වෙච්ච දේවල් හරි ගස්සන්න බෑ
මට සමහර දේවල් මතකත් නෑ
අපිට ඉස්සර වගේ ආයෙත් ඉන්නත් බෑ
මට පරණ මනුස්සයා වෙන්නත් බෑ
මට නැතිවුනේ ඈ නෙමෙයි නැතිවුනේ මාව
ඇගේ මුලු සතුටම තිබ්බේ මගේ ගාව
ඇය නිහඩව අඬද්දි මගේ හිත පාරයි
අපි දෙන්නා වෙනස්වුනු විදියත් මාරයි
වැඩක් ඕවා දැන් හාරලා
ඇය යන්න ගියා හිත පාරලා
මම එළියෙන් සතුටෙන් හිනා වෙනවා ඒත් ඇතුලෙන් මාව මරලා…
තනිවී සිටින්නයි මා..
izzy iznu _
තනිකම.. තනිකම හැම රෑම..
තනියම විඳිනවා තනිකම.. //
كلمات أغنية عشوائية
- cyamo - if i had a spaceship كلمات أغنية
- audien - learn to love again كلمات أغنية
- maría josé - ya no me acuerdo más de ti [en vivo] كلمات أغنية
- davus - falopa كلمات أغنية
- sierra classic sound - the light at 99th كلمات أغنية
- unotheactivist - tweak with me كلمات أغنية
- contour - song for me كلمات أغنية
- bente & maan - nee is nee كلمات أغنية
- sabin bik - keep workin' كلمات أغنية
- van morrison - caledonia كلمات أغنية