
iraj - cleopatra كلمات أغنية
lyrics (chorus)
සත මත පය තබා
සුර ලෝකෙට පාර සොයනා
අපායක හිරවෙලා
අඳුරේ හීන දකිනා
cleopatra cleopatra
රැජිණක නම් ලබලා
cleopatra cleopatra
මා වත දැවටුනා
(verse1)
අන්දකාරේ මේස ගානේ
යනවා හොයාගෙන තාවකාලික ආදරේ
කොට ගවුමට සාදු කියන්
පින්වත්තු කාමයේ
ලස්සනයි ප්‍රියංකරයි
හිනාව ඈගේ දුක් බරයි
ඇස් දෙකෙන් මම දැකපු කතාවෙන් තේරුනා ඇය අහින්සකයි
උබේ අඩිතාලෙට “මොණරුන්”
එලියට එයි වගේ “හිවලුන්”
මත් බදුනේ අත තිබුනට උබ ළගමයි හිත
උබ “මලක්” උන් “ඹබරුන්”
වටකරගෙන වන සත්තු
වැඩි හරියක් පිට රට්ටු
කම්මුල් දෙක ඇගේ වුනා රතු
ඇහුවම ලං වෙලා ඇගේ තතු
කෙල්ලව මිරිකල යුෂ අරන්
ලොක්කන් බොති ඇය හිරකරන්
හේතුව ඇහුවම තුරුල් කරන්
බිම බලා ගත්තා මාව තද කරන්
රැජිණක් වුනාට ජීවිතේ
දාසියක වෙලා පිරමීඩයේ
නර්ථන පිරිච්ච සටන් බිමේ
සෙබලියක් ඈ රෑ මුර පොලේ
(verse 2)
පොඩි ළමයගේ අතින් අල්ලගෙන
සාරියකින් වෙසුත් වලාගෙන
මාව දැකලා බිමත් බලාගෙන
ඇවිදන් යන හැටි නුඹ ලැජ්ජාවට
රටක් හැදුව හංවඩුව
ඇයත් මවක් පියෙක් වුන
මමත් නැටුවා මගෙත් පව
වැරදි ලෝකයයි නුඹ වෙයන් ආඩම්බර
හදට “mitch-lle” ඉරට “ලක්මිණි”
සුරඟන කොහොමද වුනේ යක්ෂණී
නටන්නේ කොහොමද එක්ක මලමිණී
මත් බදුනේ ඇය දැක්කේ ළමයට කිරි
ජිවීතේම කරන් ඉඳුල්
හොයන්නේ ළමයට රජ බොජුන්
ආශ්‍රය කරාට වන සතුන්
පුතාට නුඹ තාමත් ගෙදර බුදුන්
පිට දැක්කට රෑ නුඹේ ඇඳුමට
දැක්කේ නෑ නේ නුඹේ හිත යට දුක
මාව දැකල නුඹ වෙනතක බැලුවට
අද තමයි දැක්කේ ඇත්තම නුඹ
දරුවගේ හිනාව වටිනවා නම්
සිල් කඩන්නේ නුඹ ඒකටනම්
පවු කරන්නේ නුඹ හොදකටනම්
රැජිණක් නුඹත් ගරු කරනවා මං
كلمات أغنية عشوائية
- cdot honcho - 50 of em كلمات أغنية
- gazapizm - radikal sevdalar كلمات أغنية
- myb - can't get hit كلمات أغنية
- little butler - streetlights كلمات أغنية
- mela koteluk - nie zasypiaj كلمات أغنية
- erick sermon - let me explain كلمات أغنية
- sokół & pono - poczekalnia dusz كلمات أغنية
- ces (eng) - welcome to toledo كلمات أغنية
- skorup - solidarność كلمات أغنية
- one 3 letter word - systematic oppression كلمات أغنية