
evorc - rathakeli كلمات أغنية
[intro]
රථකෙළි කොළ එළි
පෙන්නන්නෙපා මටනං රතු එළි
තැලි පෙලී ආවත් කෙළින් (මම කෙළින්)
අහකට වෙයං දැං මං යන්නේ ගලවං බෙලි
[verse 1]
බැස්සේ මං දාහේ අයිති කරගන්න මුළු ඉඩම පාරේ
නැත ඩෝ ආයේ මං වගේ කෙනෙක් කොහෙවත්ම ලංකාවේ
තිබ්බේ මං පාදේ පොළවෙන් අහසට යන්නමයි ආයේ
මිනිත්තු කාලෙන් මංතීරු විසුනු කරන් මං ආවේ
තරඟේ මාගේ මං එක්කමයි ඔව් මේ මගේ රාවේ
ගින්දර වාගේ රැප් පේලි දෙන්නං කලින් උන්නේ මං සාමෙන්
සද්ද වහපං බුරන නාදේ රැප් සෙල්ලම ගන්නං මං භාරේ
බැල්ම මාගේ අපලයි උඹලට සෙනසුරාගේ
දැන්ම වාගේ කිරා ගනිං ඉරණම ඳඩු තුලාවේ
දූවිලි පාවේ දෙවනක් කරං මම යන්නේ දුමාරෙ
level up කරං උඹගේ ප්‍රාණේ නැවතත් වරෙං එන සුමානේ
සිව්වන මානේ අතික්‍රමණය කලේ කලින් වතාවේ
මට්ටම මාගේ level සිය ගානක් උඩින් මේ කලාවේ
නැත බං කාලේ මරු කියවන්නට මේ සතාගේ
[hook]
රථකෙළි කොළ එළි
පෙන්නන්නෙපා මටනං රතු එළි
තැලි පෙලී ආවත් කෙළින් (මම කෙළින්)
අහකට වෙයං දැං මං යන්නේ ගලවං බෙලි
රථකෙළි කොළ එළි
පෙන්නන්නෙපා මටනං රතු එළි
තැලි පෙලී ආවත් කෙළින් (මම කෙළින්)
අහකට වෙයං දැං මං යන්නේ ගලවං බෙලි
[verse 2]
වැටුණම ගැලවෙන කෑලි ගනින්න හිටි උං වෙලා මවිත
මම බේරුණේ තියා දනිස්ස වැට නැති කට මගේ කිනිස්ස
තිරේ පිටිපස්සේත් ඉන්නේ චරිත කොල්ලෝ high capacity සහිත
සද්ද වහං ඉන්නේ නෑ චලිත කුණාටුව එන්න කළින් හනික
evorc!!!!! නම ඇහෙද්දි දොඩවන උං වෙයං සලිත
මම උන්නත් ලෝකෙක හරිත භූගත ලෝකෙයි ජනිත
බොයිලස් වගේ උනත් සම රහිත punchlines වලින් තොපි දරිද්‍ර
මම foreplayයි කළේ මැණික තොපි තත්පරෙන් තෙතින් බරිත
උඹ සාටක දාගෙන ප්‍රේක්ෂක පිරිසට නටන ඒ නාට්‍යය
වටින්නෑ උඹ ලාවට පෑගෙන වැලි කැටයක් තරම් වත් මගේ බාටය
රෑනට නොයා කෑමොර දීගෙන ඉගිලෙන්න පෑනට දුන්නා මම ප්‍රාණය
මෑතක නොයා ඈතට යන්නට දෑතට දෙවියන් දුන්නෑ ඤාණය
මල්වෙඩි වගේ ඉපිද මැරෙන්න දෙන්නෑ හීනය කොතරම් පිට උනත් තාපය
එළිසමේ මගේ නිම්නය තොපි බල හීනය කොතනත් නෑ එහි වාදය
කඩුවක් අරං ලීමය යුද්දෙට බැස්ස උඹ නැටුවත් ජය පතා යාගය
නිතැතින් මම fiend මය මගේ නිම්නය බැස්සේ ඇයි මේක බැස්කවිල් ෂාපය
beats ගොදුරක් මම යොදුනක් උඹලට උඩින් ඉන්නේ මේ ආහාර දාමය
g’s ඔටුන්නක් හිස නොවුනත් දිනයක සිව්දෙස රැව්දෙයි මගේ නාමය
උඹ නොදුන්නත් ඉඩ පොදු මං දිගේ කළේ ඩෝප් වදන් ඉන්ධන වගේ දහනය
රැප් සෙල්ලමේ කොඳු මං සිඳ කඩා පන්හිඳ ආයෙත් ආවා වෙත සාමය
[hook]
රථකෙළි කොළ එළි
පෙන්නන්නෙපා මටනං රතු එළි
තැලි පෙලී ආවත් කෙළින් (මම කෙළින්)
අහකට වෙයං දැං මං යන්නේ ගලවං බෙලි
රථකෙළි කොළ එළි
පෙන්නන්නෙපා මටනං රතු එළි
තැලි පෙලී ආවත් කෙළින් (මම කෙළින්)
අහකට වෙයං දැං මං යන්නේ ගලවං බෙලි
كلمات أغنية عشوائية
- wicked angel - heads will roll كلمات أغنية
- wicked angel - hard on you كلمات أغنية
- wicked angel - nightmare كلمات أغنية
- wicked angel - under the gun كلمات أغنية
- wicked angel - twenty minutes of pain كلمات أغنية
- wicked angel - when the hammer falls كلمات أغنية
- wicked angel - white lies كلمات أغنية
- wicked suburbs - forget كلمات أغنية
- wicked suburbs - last train to bulawayo كلمات أغنية
- wicked suburbs - place of no-return square on one-way street كلمات أغنية