
drillteam - awalassan | අවළස්ශන [explicit] كلمات أغنية

[verse 1: manasick]
හිත කීරි ගසයි තනිකම කරයි කුමන්ත්රන නොයෙක්දේ විමසයි පිරික්සයි
විනාසයි ජීවිතේ තාම විස්සයි සොයමි ජීවිතෙ අගිස්ස අතේ කිනිස්සයි
ඔය පාමුල ගැහුවෙ මම දණිස්සයි ඕනෙම නැති දේ මට නම් විනිශ්චයි
කොනිත්තයි උඹලා කල විහිලුව මට විහිලුවක් නෙමෙයි යාලු හිරිගඬු පුලුප්පයි
මම පන්තියෙ පස්සෙම මගහැරියා හැම තිස්සෙම ප්රශ්නෙම
මම පන්තියෙ පස්සෙම විහිලුවක් වුනේ උඹලට මගෙ වස්ත්රේම
කිව්ව මට තරබාරු කැපුවා මාව තියාගෙන ලෑල්ල උඩ පණපිටින් වගේ මාළු
කොටු කලා මාව පවුර වගේ ගාලු ලස්සන නෑලු හරි එහෙනං ඇයි එහෙම කලේ යාලු
මොනවද අම්මෙ අකුරු ජාතියක් අහන්නවත් මගෙ අම්ම ළඟ නැති කාලයක්
තාමත් එහෙම්මයි මම වුන භාරයක් තාත්තට දුන්නෙ නෑ තුන්මාසේ දානයක්
ඕන වුනේ හැමදාම අවධානයක් ඒත් මගේ ජීවිතෙ රජ කලේ අවමානයක්!
අවමානයක්! කන්න දුන්නෙ කෑම එක උන්ට මම පාසලේ මාසයක්
අම්මා බිහිකල අංග විකල පාලමෙන් දමන්න මෙනෙහි කල
ලස්සන දරුවෙක්ලු හරි ඉහල හිත සැරිසරන්නේ නියඳි වල
යනවා ගමනක් හොයන් ඉබාගත ප්රශ්නය අද පැහැපත් හමේ පාට
වාරුව වයසට ගිය දාට ඉඳුනු කොන්ඩේ අද කලු කෙරුවාට
[hook: manasick]
කැත විරූපි ලස්සන අවලස්සන වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්රියාව නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන, අපෙ ලස්සන!
හෘද සාක්ෂිය පිරික්සපන් කල වරදට ඉකිගස්සයි, දණගස්සන
මම හසංක හෙලා දකිනවා වචනය අවලස්සන…
[verse 2: minol]
මනසෙන් වැටි වැටී ඇවිද කැපි කැපි නැවත
හිතින් තැතිගෙන නිතර තැලෙයි තැවෙයි නැවත මතකයන්
අතර දැනි දැනි බියම ඌ හැංගි හැංගී
නිතර රූල් පොතකුත් අතකින් අරන්
කල්පනාවක් ආවාම මුමුණයි තැනක් නොතැනක්ගා නක්වත් නෑ
ගැහුවා ගල් ඇඬුවනම් කමන් නෑ ඒත් උඹ නිසොල්මනේ
උඹට රිදෙනවාද නිකන් ඇහුවේ දැනෙන විදිහට මිනිස් හිතකට
මනසකට පුලුවන් මතකෙට තැවිලි දැවිලි දුක් ගැනවිලි
අතරමන් කරලා තනියම වේදනාව දෙන හිතක් හඬවන්න පුලුවන්
ගෙන ඒ චේතනාවෙන් විය තව කෙනෙකුට සිනහව
උඹට ඇහැනවාද අවජාතක මොනවද
කා ළඟ ඉඳගත්තත් උඹ මං ළඟ නම් ඉඳගන්නෑ පලයන් පිටිපස්සට
මට ලස්සන දේවල්, මට ලස්සනයි අවලස්සන උඹේ
වෙනස මෙලෙස පේන ලෙස නිවට නිහඬ හිත නිසල ලෙස ගැඹුරු මුහුද
නෙත් තෙමන දුක සැප කිරණ ළඟ නිදන හදවතට නිතර කියන
මගෙ නිවස කාගෙත් නිවස දිරණ මේ කුණු සිරුර
උඹ නිතර විලවුන් පුරවාගෙන චිත්ර මවාගෙන
ඉන්නේ අයින කාගෙන ඇයි වැරදි නෑ ඌ හිටියත් බිම බලාගෙන
දිවිනසාගන්න තියනවද ප්රශ්න මිතුරේ උඹට
උඹේ හිත අදුරන කෙනෙක් හිටියත් ඈ
හීන කලා අද ලොකුම කොහෙද මනුස්සකම් දෙවියන්ටත් නැති
හිතින් යැදපන් දෙවියන්ටත් මං නැති
අද හවසත් ආයේ ඉර නඟිනකන් උඹ කිරපන් ජීවිතෙ අරුතක් සොයා
[hook: minol]
කැත විරූපි ලස්සන අවලස්සන වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්රියාව නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන! අපෙ ලස්සන
හෘද සාක්ෂිය පිරික්සපන් කලවරදට ඉකිගස්සයි, දණගස්සන
මම මිනෝල් හෙලා දකිනවා වචනය අවලස්සන…
[background playing _ minisathkama: manasick]
බඩට නොකා දරුවන් හැදූ ඒ මව සෙනෙහස පුරවා ගත් ඒ ඇස් දෙක
මේක කාපිය මේක බීපිය කියමින් ආවා නේද උඹේ පසුපස
හෙලුවත් දහඩිය මව පිය දෙදෙනම සිය දරුවන් කරඳඩු උස් වුනු කල
අතහැර යයි දුකක් නැතුවම වාගේ දෙමපියන් උරුමද මහලු මඩමකට??
كلمات أغنية عشوائية
- chrome sparks - i just wanna كلمات أغنية
- elvira t - зараза (zaraza) كلمات أغنية
- anja bigrell - adam كلمات أغنية
- colt ford - wyoming كلمات أغنية
- borixon - z dymem كلمات أغنية
- this wild life - hold you here كلمات أغنية
- negritude junior - absoluta كلمات أغنية
- azrael (ch) - langsam mau ga كلمات أغنية
- dub woods - start it over كلمات أغنية
- ojos de brujo - corre lola corre كلمات أغنية