kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

dhyan hewage, chathum dulara & prakash ranasinghe - kulundul araliya mal كلمات أغنية

Loading...

රතු කම්මුල් හිනෑහී කියනා
නුඹ ලංවී මට ඉඟි කරනා
හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා
තනියෙන් හිත සොයනා රෑ මා
සඳ අස්සෙන් තරු ඉකිබින්දා
හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා

ලුහුබඳී මා
නුඹ සොයා ලා
රෑ සඳ හා
සොයනෙමී මා
හැරනොයාම අහසේ තරු සේමා

කුළුඳුල් අරලිය මල් තිබුණා
කඳුලින් පරවී නුඹ සේමා
කෙහෙරැල් ගවසා සුවඳින්
වියළීලා පෙම්

දෙතොලින් රූරන හැඟුමේ මා
නවතින බව නෑ කියලා මා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා

හොරැහින් කී ⁣දේ සිහි කරනා
ඉඳුනිල් දෙනුවන් මට කියනා
සිහිනෙන් මා නුඹ වෙතටම පිය මැන්නා
මට නොදැනිම තනිකම ⁣ගෙවුනා
පුන් සඳ නුඹමයි ලඟ රැඳෙනා
මල් සුවඳින් අප හදවත් උතුරන්නා
ලුහුබඳී මා
නුඹ සොයා ලා
රෑ සඳ හා
සොයනෙමි මා
හැරනොයාම අහසේ තරු සේමා

කුළුඳුල් අරලිය මල් තිබුණා
කඳුලින් පරවී නුඹ සේමා
කෙහෙරැල් ගවසා සුවඳින්
වියළීලා පෙම්

දෙතොලින් රූරන හැඟුමේ මා
නවතින බව නෑ කියලා මා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා

එනවානම් යලි කවදාවත්
නෑ හංගා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...