kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

chathurika nirmani - pa gigiri كلمات أغنية

Loading...

පා ගිගිරි කියනා කතාවක ආදරේ තිබුණා
නා පොකුරු පිපෙනා
මගේ හිත
ළා සඳට පෙනුණා
පාට මල්වල රෑට හැංගෙන
බඹර ගුමු ගුමු
ගුමු ගුමු ඇසුණා
පා ගිගිරි කියනා කතාවක
ආදරේ තිබුණා

කටකතා විමසන පඳුරයි
ගොත ගොතා මුමුණන කඳුරයි
හිත හිතා හිනැහෙන කුමුදයි
කවි ලියයී මට කියයී
තුරුණු තුරුවැල්
හෙලන පිනිමල්
කියඹු රැළි අග
මුතුකුඩ ඉහළයි
පා ගිගිරි කියනා කතාවක
ආදරේ තිබුණා
නෙතපුරා වියළුණු කඳුළයි
හිතපුරා දැවටෙන පැතුමයි
මට හොරා දඟලන හැඟුමයි
නිදිවරයී කිතිකවයී
මියුරු සරදම්
නුහුරු හසකැන්
නවකතාවක මුලපිටු පෙරළයි
පා ගිගිරි කියනා කතාවක ආදරේ තිබුණා
නා පොකුරු පිපෙනා මගේ හිත
ළා සඳට පෙනුණා
පා ගිගිරි කියනා කතාවක ආදරේ තිබුණා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...