
chanuka mora - kala wayasa كلمات أغنية
කල වයසත් ගෙවෙනවා
දැන් තනිකම දැනෙනවා
යන යන තැන හැමදෙනාම
බඳින්නැද්ද අහනවා
බඳින්නැද්ද අහනවා
ඒත්, උවමනාව තියෙනවා
කෙල්ලෙක් නෑ හොයනවා
උවමනාව තියෙනවා
කෙල්ලෙක් නෑ හොයනවා
කෙල්ලෙක් නෑ හොයනවා
කෙල්ලෙක් නෑ හොයනවා
ඉස්කෝලේ පන්තියේ
යාලුවො ඇත මග තොටේ
උන් බැඳලා උන්ගෙ ළමයි
මට uncle කිව් වෙලේ
මට uncle කිව් වෙලේ
එතකොට, හැංගෙන්නට බැරි උනේ
දුක ඉවසන් හිනැහුනේ
හැංගෙන්නට බැරි උනේ
දුක ඉවසන් හිනැහුනේ
දුක ඉවසන් හිනැහුනේ
දුක ඉවසන් හිනැහුනේ
නුඹ ඉන්නේ කොයි ලොවේ
හිත නිරතුරු විමසුවේ
දෙයියොන්ටත් පේන්නේ නැතේ
කරුමෙද මේ පූරුවේ
කරුමෙද මේ පූරුවේ
යෝදියෙ, ඉන්න තැනක කොහෙහරි
වනන්න අත සියුමැලි
ඉන්න තැනක කොහෙහරි
වනන්න අත සියුමැලි
වනන්න අත සියුමැලි
වනන්න අත සියුමැලි
අම්මගෙ හරි කරදරේ
මැරෙන්නවත් නිදහසේ
මුණුබුරෙක්ව අරන් එන්න
කියලා මට කරදරේ
කියලා මට කරදරේ
අනේ, අම්මගෙ දුක මම දනී
මගෙ දුක ඊටත් වැඩී
අම්මගෙ දුක මම දනී
මගෙ දුක ඊටත් වැඩී
මගෙ දුක ඊටත් වැඩී
මගෙ දුක ඊටත් වැඩී
දිස්නය දෙන නෙත් නුඹේ
පැටලෙන කොලු ගැන්සියේ
මායම් සැර වැඩි වුණොතින්
මුවාවෙයන් හංදියේ
මුවාවෙයන් හංදියේ
අඩෝ, කවදා කොතනදි හරි
මං උන්ගෙන් පලිගමි
කවදා කොතනදි හරි
මං උන්ගෙන් පලිගමි
මං උන්ගෙන් පලිගමි
මං උන්ගෙන් පලිගමි
හීනෙන් නුඹ පේනවා
කොට්ටෙ බදන් ඉඹිනවා
හොඳම හරිය ළං වෙනකොට
එලාම් එක වදිනවා
එලාම් එක වදිනවා
මඟුල, වෙලාව නරකයි මගේ
කේන්දරෙත් රවි හතේ
වෙලාව නරකයි මගේ
කේන්දරෙත් රවි හතේ
කේන්දරෙත් රවි හතේ
කේන්දරෙත් රවි හතේ
නුඹටම හිමි හදවතේ
මකුළුවො ඇත නිදහසේ
පදිංචියට නුඹ එනකල්
උන්ට මඟුල් හිතුමතේ
උන්ට මඟුල් හිතුමතේ
හාචිං, නුඹ එනකල් මගෙ හදේ
මකුළුවො විතරයි නගේ
නුඹ එනකල් මගෙ හදේ
මකුළුවො විතරයි නගේ
මකුළුවො විතරයි නගේ
මකුළුවො විතරයි නගේ
ගොඩින් මඩින් මට එපා
යාන වාහනත් එපා
නුඹෙ මනාපෙ දෙනවා නම්
මට වෙන මොකවත් එපා
මට වෙන මොකවත් එපා
අම්මපා, නැන්දෙ මාමෙ පණ වගේ
රැකගන්නම් දුව නුඹේ
නැන්දෙ මාමෙ පණ වගේ
රැකගන්නම් දුව නුඹේ
රැකගන්නම් දුව නුඹේ
රැකගන්නම් දුව නුඹේ
كلمات أغنية عشوائية
- gabriel valim - medo de você كلمات أغنية
- pink skies - i don't wanna see you cry كلمات أغنية
- isamar feat. analy - querida amiga كلمات أغنية
- geographer - rushing in, rushing out كلمات أغنية
- jonathan coulton - pictures of cats كلمات أغنية
- boss keloid - manson lamps كلمات أغنية
- manic drive - good news كلمات أغنية
- vacationer - shining كلمات أغنية
- vildhjarta - don't fail me now (lady luck) كلمات أغنية
- fight or flight - tragedy كلمات أغنية