
ayeshmantha - mandarame (මන්දාරමේ) كلمات أغنية
[verse 1: ooseven]
හැමදේම කළේ විශ්වාස
පරදින්න නෙමෙයි මම ආස
පිළිගන්න වැරැද්ද කැමැත්ත වෙනස් ද
මං නෙමෙයි ගියේ දුර ඈත
බොරු කළේ ඔයයි හැමදාම
රැවටෙන්නේ නින්දේ හැම රෑම
එක දවසක හමු වෙලා අහනවා ඇත්තට
ඔයා කවුද මට තාම
හැමතිස්සෙම ඇස් වල කඳුළු
මං හින්දා වැටුණේ නෑ කඳුළු
මං ගෙනිච්චා ඔයාව හීන මැදින්
මගේ පාරාදීසෙට අඳුරු
කොහොමත් තනිකම මගේ මිතුරා
බිඳී ගිය හදවත යයි දෙදරා
දැනුණ ද මං ගැන තව හිතලා
දුක හිතුණ ද කළු හිත බිඳිලා
මම සුව නින්දක ඇහැරෙන්න කම්මැලියි
මගේ පාළුවේ සුවය මට දැනී
නැවතත් මම පරණ කෙනාමයි
බිඳෙන්න කැඩෙන්න තවත් හිත් නැතී
ඔව්, මමයි වැරදි හැමදේම දැනගෙන
පිළිගත්තේ සාදරෙන්
කුමකට බිඳෙන බඳුන් සුරකිම් ද ආදරෙන්
[chorus: g_yashan]
තෙමූ දෙකුපුල් මිදුණා
හසකැන් ඒ මා සොයනා
තනියට නුඹ ළඟ මා
කෙහෙරැල්ලේ සුව සොයනා
මන්දාකිණි නුඹ හින්දා නොවේ
බන්දා හිතේ නුඹ හින්දා මගේ
බැන්දූ කතා මේ රැන්දූ සිනාවේ
නුඹ තාම මාගේ පෙම්වතියේ
[verse 2: zany inzane]
සරාගී රැඟුමන් සාදෙ පුරා
මට ඇස් වලින් කරන්නේ ආරාධනා
මීවිත මාව බදාගෙන හෙලවෙන්න බැහැ
මට නැහැ සිහි කල්පනාව දැන්
වෛවාරණ කෙල්ලෝ මැද්දෙ මං
නුඹවයි අද තෝරා ගන්නේ
මේ කෙටි කතාවකට කුමට ද පටුනක්
ලියන මමයි අවසානෙ දන්නේ, ඒයි
සුන්දරයි භයානකයි
නුඹ බාඳුරා මලක් වාගෙමයි
මත් වුණ බඹරෙක් නිසාද මන්දා
හොයන්නේ මං අවදානමයි
ඇස් වලින් කතා කරන්නේ දැන් ඔයා
ආලෙට නෙමෙයි උන්මාදෙටයි
හදිස්සි නෑ මම අන්ධයාට
කිරි කවන්නෙත් එළිවෙන ජාමෙටයි
වීදුරු වගේ පොරොන්දු කැඩෙන්නේ වැඩකුත් නෑ මට ආදරේ
කාලෙන් කාලෙට මාරුවෙන්නේ අග බිසව මගේ රජවාසලේ
හිතලම වැරදි කරන්නේ ඔයා මම princ_p_l නිසයි පාසලේ
මේ සාදෙ පුරාවට මට විතරයි මැණික් හම්බුණේ ඔයාගේ ආකරෙන්
[chorus: g_yashan]
මම ආසම ආස පාට වෙනස් වෙන්නෙ නෑ කවදාවත්
ඒකයි වෙනස් වෙන්නෙ නැත්තෙ ජීවිතේ හැමදේම හැමදාමත්
අපි පොරොන්දු රැක්කා පොරොන්දු කැඩෙද්දි එද්දි ඒ හැමදේමත්
ඔයාට පොරොන්දුවක්, මට ජීවිතේම වුණා හැමදාමත්
මන්දාකිණී නිම්නාදියේ
මන්දාරමේ මං ආ මගේ
සංසාරයේ
නුඹ ඒ වගේ මං ඒ මගේ
මේ කාමයෙන් මං ආවොතින් ද ඒ
ඒ ආදරේ
كلمات أغنية عشوائية
- rast - çiçəklər كلمات أغنية
- martha logue - căsătorie كلمات أغنية
- djexon,sanja vucic - reyervisano كلمات أغنية
- s6lty - verbal violence كلمات أغنية
- a refúgio - sentimentos opacos كلمات أغنية
- louiz vocal - esse é os três anos de live (part. marcelo) كلمات أغنية
- split head - 12/14/19 كلمات أغنية
- steven bonus - monk كلمات أغنية
- aleksandra janeva - nasata pesna كلمات أغنية
- radio mc - anoche tuve un sueño كلمات أغنية